එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පළමු 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.තරගය අද පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 187 ක් රැස් කළා.
නායක හැරී බෲක් ලකුණු 65 යි.
පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක්රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ නිකිල් චෞදරී පන්දු 38ට ලකුණු 66ක් ලබාගත්තා.