නැගී එන ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා ඒ කණ්ඩායම අද සමත් වුණා.
ඒ පළමු අවසන් පූර්ව තරඟයේදී ඉන්දීය ඒ කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින්.
කටාර් හි දෝහා නගරයේදී මෙම තරගය පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 317 ක් රැස්කළා.
අභිෂේක් ශර්මා ලකුණු 78ක් රැස්කළා.
ශබාස් අහමඩ් ලකුණු 54 රැස් කළ අතර තිලක් වර්මා ලකුණු 53යි.
පන්දු යැවීමේදී පන්දු යැවීමේදී නිපුන් ධනංජය, ජනිත් ලියනගේ සහ
රවිදු ප්රනාන්දු අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.
පිළිතුරු ලෙස ශ්රී ලංකා ඒ කණ්ඩායම තරඟය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර 41. 3 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 318 ක් රැස් කරමින්.
ශ්රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.
සිනෙත ජයවර්ධන ලකුණු 105 රැස්කළ අතර ලසිට් කෲස්පුල්ලේ ලකුණු 116 යි.
නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 58 ක් සහ නායක පවන් රත්නායක නොදැවී ලකුණු 31 ක් රැස්කළා.