ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ Tier B 20-20 තරගාවලියේශූරතාව හිමි කර ගැනීමට කොළඹ මැලේ ක්‍රීඩා සමාජය සමත් වුණා.
ඒ අද පැවැති අවසන් තරගයේදී ප්‍රබල එස් එස් සී කණ්ඩායම පරාජය කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ එස් එස් සී කණ්ඩායම පන්දු වාර 19.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 100 ක් රැස් කලා.
පිලිතුරු ලෙස කොළඹ මැලේ ක්‍රීඩා සමාජය තරගය ජය ගත්තේ පන්දු වාර 18.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 101 ක් රැස් කරමින්.