ඇෆනිස්තානය හා බංග්ලාදේශය අතර සාජා හීදී ඊයේ පැවති 3න් වන 20-20 තරගය කඩුලු 6කින් ජයගැනිමත් සමග තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීම බංග්ලාදේශය සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයට පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් පමණයි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දර්විෂ් රසූලි ලකුණු 32ක් ලබාගත් අතර සෙදික්විල්ලා අතල් ලකුණු28ක් ලබාගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් ලබාගත් අතර තන්සිම් හසන් සාකීබ් හා නසූම් අහමඩ් කෞලු 2 බැගින් දවාගත්තා.
ලකුණු 144ක ඉලක්කය පහසුවෙන් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගත්තා.
සයීෆ් හසන් නොදැවී ලකුණු 64ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහරවල් 7ක් ඇතුලත් වුණා. තන්සිද් හසන් ලකුණු 33යි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මුජිබර් රහ්මන් කඩුලු 2ක් දවාගත්තා.
මෙම ජයග්‍රහණය සමග තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය තරග 3-0ක් ලෙස බංග්ලාදේශය සමත් වුණා.
මෙම තරගයේ වීරයා සයීෆ් හසන් වූ අතර තරගාවලියේ වීරයා නසූම් අහමඩ්.
දෙරට අතර එක්දින තරගාවලිය මෙම මස 08වැනිදා අබුඩාබි හීදී ආරම්භවීමට නියමිතයි.