ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කර තිබෙනවා
ඉන්දීය ක්‍රිකට් ආයතනය අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා.
ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලබන ජුනි මාසයේදී සහභාගී වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශුබ්මන් ගිල් පළමුවරට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
මේ අතර ඉන්දීය කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට රිෂාබ් පාන්ට් පත්කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීමෙන් පසු, ඉන්දීය ටෙස්ට් නායකත්ව පුරප්පාඩුවී තිබුණා.