ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති ආසියානු කුසලාන සුපිරි 4 වටයේ දෙවන තරගය කඩුලු 6කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු ක් දැවී ලකුණු 171ක් ලබාගත්තා.
ෂහීබ්සාදා ෆර්හාන් ලකුණු 58යි. සයීම් අයූබ් හා මොහොමඩ් නවාස් ලකුණු 21 බැගින් ලබාගත්තා.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශිවම් ඩුබේ කඩුලු 2ක් සහ හර්දික් පාන්ඩියා හා කුල්දීප් යාදව් 1 කඩුල්ල බැගින් දවාගත්තා.
ලකුණු 172ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය පලමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවයක් ගොඩනැගුවා.
අභිෂේක් ශර්මා ලකුණු 74යි. ශුබ්මන් ගිල් 47යි. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් කඩුලු 2ක් දවාගත්තා.
ඉතා උණුසුම්කාරී අන්දමින් පැවැත්වුණු තරගය අතරතුර ඉන්දීය පිතිකරුවන් හා පාකිස්තාන පන්දු යවන්නන් අතර යම් උණුසුම් වචන හුවමාරුවීම් ද විට්න් විට දකින්නට ලැබුණා.
කෙසේ වෙතත් තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.
එසේම මෙම හඹායෑම 20-20 තරගයකදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ඉන්දියානු කණ්ඩායම සිදුකළ හොඳම හඹායෑම ලෙසද සනිටුහන් වුණා.
ඒ අනුව සුපිරි 4 වටයේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වූ අතර බංග්ලාදේශය දෙවන ස්ථානයත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය පිළිවෙලින් තුන්වන හා හතරවන ස්ථාන වල පසුවෙනවා.
තරගාවලියේ මීළඟ තරගය හෙට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතරයි.