ඊයේ පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) හා දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායම් අතර අතරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට RCB සමත්වුණා.
මුලින් පන්දුවට පහරදීමට ආරාධනා ලැබූ DC කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගත්තා.
කේ එල් රාහුල් ලකුණු 41යි. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 34යි.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් හා ජොෂ් හේසල්වූඩ් කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී අවසාන 19වන පන්දුවාරයේදී ජයග්‍රහණය වාර්තා කළා.
කෘනාල් පාන්ඩියා නොදැවී ලකුණු 73යි. විරාත් කෝලි ලකුණු 51යි.
පන්දුයැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් අක්සාර් පටෙල් කඩුලු 2ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග RCB ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන ලකුණු සටහනේ පෙරමුණ ලබාගත්තා.