ඊයේ දින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති අයි පී එල් තරගයෙන් කඩුලු 5 ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 154ක් පමණයි.
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 42ට දැවී යන්නේ කමිඳු මෙන්ඩිස් ගේ විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීම හමුවේයි. ආයුෂ් ම්හාත්‍රේ ලකුණු 30යි.
පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුලු 4ක්, පැට් කමින්ස් හා ජයදේව් උනද්කට් කඩුලු 2 බැගින්, කමිඳු මෙන්ඩිස් හා මොහොමඩ් ෂාමි එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිලිතුරු වශයෙන් සන්රයිසස් කණ්ඩායම 19වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
ඉෂාන් කිෂාන් ලකුණු 44යි. කමිඳු මෙන්ඩිස් තරගය අවසන් කරමින් නොදැවී ලකුණු 32ක් ලබාගත්තා. චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් නූර් අහමඩ් කඩුලු 2ක් දවාගත්තා.
තරගයේ වීරයා හර්ෂාල් පටෙල්.