බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
කොදෙව් හිදී පැවති තරගයේ පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 286 ක් රැස් කළා.
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 253 යි.
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට ලකුණු 243 ක් ලබා ගත්තා.
තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 277 ක්.
ඔවුන් සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ, ලකුණු 143 ක් පමණයි.