එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සැලකෙන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.
හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, එය සුනක් අගමැතිවරයා ක්‍රීඩකයෙකුට එම සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වනවා.
ඒ අනුව මෙම නයිට් පදවියත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇති.
42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය අතර, ඒ වනවිට ඔහු ටෙස්ට් කඩුලු 704 ක් දවාගෙන සිටියා.
ඔහු අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නායයි.
ඇන්ඩර්සන් ටෙස්ට් තරග 188කදී, එක්දින තරග 194කදී සහ විස්සයි20 තරග 19කදී ඒංගලන්ත කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් (සර්) ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි, බ.ඉ. කොදෙව්හි ක්ලයිව් ලොයිඩ් මෙම ගෞරවාන්විත නයිට් පදවිය ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙක්.