බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ලකුණු 179කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 296ක් ලබාගත්තා.
බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන සෞම්‍යය සර්කාර් හා සයිෆ් හසන් ආරම්භක කඩුල්ලට ලකුණු 176ක සබඳතාවයක් ගොඩනැගූ අතර එය බංග්ලාදේශ එක්දින ඉතිහාසයේ දෙවන හොඳම ආරම්භක සබඳතාවය ලෙස සටහන් වුණා.
එහිදී සෞම්‍ය සර්කාර් පන්දු 86ට ලකුණු 91ක් ලබාගත් අතර සයිෆ් හසන් පන්දු 72ට ලකුණු 80ක් ලබාගත්තා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අකීල් හුසේන් කඩුලු 4ක් හා ඇලි ඇතනීස් කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ඉනිමේ සියලු කඩුලු 31වන පන්දුවාරය වන විට ලකුණු 117ට දවාගැනීමට බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් සමත් වුණා.
බංග්ලාදේශය වෙනුවෙන් නසූම් අහමඩ් හා රිෂාද් හුසේන් කඩුලු 3 බැගින් දවාගත් අතර මෙහෙදි හසන් හා තන්වීර් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
මේ ජයග්‍රහනයත් සමග දෙරට අතර එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ වීරයා ලෙස සෞම්‍ය සර්කාර් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ රිෂාද් හුසේන්.