නවසීලන්තය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට දවා ගත් කඩුලු සංඛ්‍යාව තුනක්.

නුවන් තුෂාර,වනිදු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 6 ක් දැවී ලකුණු 140 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කලා.

නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා.

කුසල් ජනිත් පෙරේරා සහ කමිදු මෙන්ඩිස් ලකුණු විසිතුන බැගින් රැස්කළා.

තරගාවලියේ දෙවැනි 20/20 තරඟය හෙට පැවැත්වෙනවා. ඒ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී .

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *