දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන 20-20 තරගාවලිය ඊයේ රාවල්පින්ඩි හිදී ආරම්භ වුණා. එම තරගය ජයගත්තේ සංචාරක දකුණු අප්‍රිකානු කන්ඩායමයි.
මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් රැස් කළා.
රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 60ක් හා ජෝර්ජ් ලින්ඩේ ලකුණු 36ක් ලබාගත්තා.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් කඩුලු 3ක් හා සයීම් අයූබ් කඩුලු 2ක් බිඳහෙළුවා.
ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 139ක් පමණයි.
සයීම් අයූබ් ලකුණු 37ක් හා මොහොමඩ් නවාස් ලකුණු 36ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොබින් බොස්ච් කඩුලු 4ක් හා ජෝර්ජ් ලින්ඩේ කඩුලු 3ක් ලබාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුන ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගයේ වීරයා ලෙස ජෝර්ජ් ලින්ඩේ නම් කෙරුණා.