ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග තරගයෙන් කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ප්‍රතිවාදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මුම්බායි හිදී.
කාසියේ වාසිය හිමි කර ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, පන්දුවට පහර දීම ආරම්භ කළ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.
ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා ලකුණු 40 යි. හෙන්රිච් ක්ලාසන් ලකුණු 37 ක් ලබා ලබා ගත්තා. පන්දු යැවීමේදී විල් ජැක්ස් කඩුලු 2 ක් බිඳ හෙලුවා.
අනතුරුව ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, පන්දුවාර 18 යි පන්දුවක් අවසානයේ ලකුණු 166 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගැනීමට සමත්වුණා.
රයන් රිකල්ටන් ලකුණු 31 යි. විල් ජැක්ස් ලකුණු 36 ක් රැස් කළා. පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 3 ක් සහ එෂාන් මාලින්ග කඩුලු 2 ක් බිඳහෙලුවා