ලෝක කුසලාන කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ සාජා අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. පළමු කඩුල්ල ලෙස විශ්මි ලකුණු නොළභා දැවී ගිය අතර , දෙවැනි කඩුල්ල ලෙස චමරි අතපත්තු ලකුණු 3 කට දැවී ගියා.
කවීශා දිල්හාරි ලකුණු 5 කට දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23 ක් රැස් කළා. හර්ශිතා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයී. අනුශ්කා සංජීවනී ලකුණු 16 යි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 29 ක් රැස් කළා.
පන්දු යැවීමේදී මේගන් ස්චට් කඩුලු 3 ක් දවා ගත්තා. සොෆියා මොලිනෙක්ස් කඩුලු 2 යි.
තරගය ජය ගැනීම සදහා ලකුණු 98 ක ඉලක්කයක් සමග ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ බෙත් මූනි සහ ඇලීසා හේලි. පළමු කඩුල්ල ලෙස හේලි ලකුණු 4 කට දැවී ගියේ උදේශිකා ප්‍රබෝධනීගේ පන්දුවක් හමුවේයි.
ජෝර්ජියා වෙයාහම් දෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටියදීයි.
ඔස්ට්‍රේලියා ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස එලීසා පෙරී ලකුණු 17 කට දැවී ගියේ සුගන්ධිකා කුමාරිගේ පන්දුවක් හමුවේයි.
ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දු වාර 14 යි පන්දු 2 ක් ඇතුලත කඩුලු 4 ක් දැවී ලකුණු 94 ක් රැස් කරමින්. බෙත් මූනි නොදැවී ලකුණු 43 යි.