ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිල වශයෙන් නිවේදනය කළා.
වසර 14ක් ඉන්දියාව නියෝජනය කළ විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් තරඟ 123ක් ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ඔහු ලකුණු 9230ක් රැස් කළේ සාමාන්‍ය 46.85ක් රඳවා ගනිමින්.
විරාත් කෝලි ටෙස්ට් තරඟ 68කදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙනවා.