2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබාගත්තා.
කඩින් කඩ වැසි ඇතිවීම නිසා තරගය පන්දුවාර 47කට සීමාවුණා.
ඉන්දියාව වෙනුවෙන් අමන්ජෝත් කොවුර් ලකුණු 57ක් හා දීප්ති ශර්මා ලකුණු 53ක් ලබාගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් දවාගත් අතර උදේශික ප්‍රබෝධනී කඩුලු 2ක් දවාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමේදී සාර්ථක ආරම්භයක් ලබාගත්තද නායක චමරි අතපත්තුගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම බිඳවැටීම ආරම්භ වුණා. ඒ අනුව සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුණේ ලකුණු 211ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 43ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 35ක් ලබාගත්තා. ඉන්දියානු කණ්ඩායමේ දීප්ති ශර්මා කඩුලු 3ක්, ස්නෙහ් රානා කඩුලු 2ක් හා ශ්‍රී චරනි කඩුලු2ක් ලබාගත්තා.
ඒ අනුව ලෝක කුසලන පළමු තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
තරගයේ වීරයා වූයේ දීප්ති ශර්මා.