ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20/20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
ඒ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
දෙරට අතර දඹුල්ලේ දී පැවැත්වෙන පළමු 20/20 ක්‍රිකට් තරගය මෙයයි.
එය රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි
ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මොන ගැසෙන්නේ 24 වැනි වරට.
පැවති තරඟ 23න් තරඟ දහතුනක් නවසීලන්තය ජයගත් අතර තරඟ නවයක් ශ්‍රී ලංකාව ජය ගත්තා.
එක් තරඟයක් අවසන් උනේ තීරණයකින් තොරවයි.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වයෙන් සහ නවසීලන්ත කණ්ඩායම මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි.