සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අතරග 3කින් සමන්විත 20-20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ දින ලැබූ කඩුලු 8ක ජයත් සමගයි.
ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව සිම්බාබ්වෙ කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත් වුණා.
සිම්බාබ්වේ ඉනිමට ටඩිවනෂේ මරුමනි ලකුණු 51කින් දායකත්වය ලබාදුන් අතර සිකන්දර් රාසා ලකුණු 28ක්, රයන් බර්ල් ලකුණු 26ක් හා සෝන් විලියම්ස් ලකුණු 21ක් ද ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශාන් හේමන්ත කඩුලු 3ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
ලකුණු 191ක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් 18වන පන්දුවාරයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.
විශිෂ්ට පිතිකරණයක නිරත වූ නවක ක්‍රීඩක කමිල් මිෂාර නොදැවී ලකුණු 73ක් හා කුසල් පෙරේරා නොදැවී ලකුණු 46ක් ලබාගත්තා.
ඊට අමතරව ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක ලකුණු 33ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබාගත්තා.
මෙම හඹායෑම ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම හඹාගොස් ජයගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණා.
මේ ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.
අවසන් තරගයේ වීරයා සම්මානය කමිල් මිශාර දිනාගත් අතර තරගාවලියේ වීරයා දුශ්මන්ත චමීර යි.