බදාදා, මැයි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සූර්යවංශි හා ජෛස්වාල් ගුවාහටි හීදී ගිණිකෙළි පෙන්වයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සූර්යවංශි හා ජෛස්වාල් ගුවාහටි හීදී ගිණිකෙළි පෙන්වයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 8, 2026
©Associated Press
බෙදාගන්න

ඊයේ දින පැවති රාජස්ථාන් රෝයල්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් අතර තරගයෙන් ලකුණු 27ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කළ මෙම තරගය පන්දුවාර 11ට සීමා වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

වෛභව් සූර්යවංශි හා යසස්වී ජෛස්වාල් ඉනිම ආරම්භ කරමින් ඉතා ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළුණේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් අන්දමන්ද කරමින්.

පළමු කඩුල්ල ලෙස වෛභව් සූර්යවංශි දැවීයද්දී ඔවුන් පන්දු 30ට ලකුණු 80ක සබඳතාවයක් ගොඩනගා තිබුණා.

සූර්‍යවංශි පන්දු 14ට ලකුණු 39ක් රැස්කළ අතර එම ඉනිමට හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා. ජෛස්වාල් පන්දු 32කින් නොදැවී ලකුණු 77ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

තවමත් 14වැනි වියේ පසුවන වෛභව් සූර්‍යවංශි ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවලට පළමු වරට මුහුණ දුන්නේ ඊයේ තරගයේදී වූ අතර පළමු පන්දුවට හයේ පහරක් එල්ල කිරීම සුවිශේෂි වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසු කිරීමට රෝයල්ස් පන්දු යවන්නන් ඉඩනොදුන් අතර ඔවුන්ට ලබාගත හැකිවුණේ කඩුලු 9ට ලකුණු 123ක් පමණයි.

නාමන් ධීර් හා ෂර්ෆේන් රදෆෝර්ඩ් ලකුණු 25 බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් නන්ද්‍රෙ බර්ගර්, රවී බිෂ්නෝයි හා සන්දීප් ශර්මා කඩුලු 2 බැගින් ලබාගත් අතර තුෂාර් දේශ්පාණ්ඩේ හා ජොෆ්‍රා ආචර් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙතෙක් තරග කළ තරග 3ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ප්‍රසාද ලකුණු 6ක් සමගින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින අතර 7 වන ස්ථානයේ රැඳී සිටින මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයගෙන ඇත්තේ ක්‍රීඩා කළ තරග 3න් එක් තරගයක් පමණයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම එංගලන්තය පරදවයි
Next Article තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
BBL
ක්‍රිකට්

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?