වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම පරාජය කරමින්.
තරගය ඊයේ පැවැත්වුණේ, අනුරාධපුර සමාධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම, පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 කට ලකුණු 232 ක් රැස් කළා.
සුවහස් ප්‍රනාන්දු ලකුණු 80 යි. රෙහාන් පීරිස් ලකුණු 53 ක් රැස් කළා.
පිළිතුරු ලෙස කොළඹ උතුර කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 40 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් රැස් කරමින්.
දුල්නිත් සිගේරා ලකුණු 68 යි. අවීෂ සමාෂ් ලකුණු 45 ක් රැස් කළා.