සිකුරාදා, නොවැ. 7, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු U20 කාන්තා වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
Reading: 2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීලන්තයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීලන්තයට

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 26, 2024
T20 World Cup
©AP/Altaf Qadri
බෙදාගන්න

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ හිමි කර ගැනීමට නවසීළන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 32 කින් පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කර ගත් පළමු අවස්ථාව මෙයයි.

ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීළන්තයට ලබා දුන්නා.

නවසීලන්ත ඉනිම ආරම්භ කලේ සුසී බේට්ස් සහ ජෝර්ජියා පෙලිමර්.

ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 16 ක් වන විට පෙලිමර් ලකුණු 9 කට දැවී ගියා.සූසි බේට්ස් ලකුණු 32 කට සහ සොෆී ඩිවයින් ලකුණු 6 කට දැවී ගියා.

බෲක් හැලිඩේ ලකුණු 38 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අමේලියා කේර් ලකුණු 44 යි.

නවසීළන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.

මෙය 20-20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගයක පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා යමින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බර්ට්ස්.

ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 51 ක්. පළමු කඩුල්ල ලෙස ටස්මින් බර්ට්ස් ලකුණු 17 ක‌ට දැවී ගියා.

නායිකා ලවුරා වොල්වර්ට් පන්දු 27 කදී ලකුණු 33 ක් රැස් කළා. අනෙකා බොස්ච් ලකුණු 9 යි.

ලකුණු 8 ක් රැස් කර ගෙන සිටි මරයිසන් කේප් දකුණු අප්‍රිකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126 ක්.

ඒ අනුව නවසීළන්ත කණ්ඩායම පළමු වරට ලෝක 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කරගැනීමට සමත් වුණා.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම හිමි කර ගත්තේ අමේලියා කේර්.

පෙර ලිපිය Women's T20 World Cup 2024 ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට කඩුලු 6 ක ජයක්
Next Article ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහනයකින් ලෝක කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?