2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය අද නිවේදනය කළා.
තරගාවලිය, සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, දෙරටේ ක්‍රීඩාංගණ පහකදී තරග පැවැත්වෙන බවයි.
ඉන්දියාවේ බෙන්ගලූරු, ගුහාටි, ඉන්ඩෝර් සහ විශාකාපට්නම් හිදී මෙන්ම, මෙරට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද තරග පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ ආරම්භක තරගය, සැප්තැම්බර් මස 30 වැනිදා බෙන්ගලූරු හිදී පැවැත්වෙනවා.
පළමු අවසන් පූර්ව තරගය, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෝ ගුහාටි හිදී පැවැත්වීමට නියමිතයි.
දෙවැනි අවසන් පූර්ව තරගය බෙන්ගලූරු හිදී පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 2 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෝ ගුහාටි හිදී පැවැත්වෙන බවයි, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ.
තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.