2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායමට බවට පත් වීමට ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය සමත් වුණා.
ඒ් තරගාවලියට සුදුස්සන් තේරිම සදහා පැවැති නැගෙනහිර ආසියානු තරගාවලියේ ලකුණු සටහන අනුව තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින්.
ඒම තරගාවලිය යටතේ ජපානය සමග පැවැති තරගය ජය ගැනීමත් සමගයි ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ් අනුව ඒම කණඩායම් 2 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබුවා.
මේ අතර 2024 වසරේ පැවැති ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ මුල් ස්ථාන 7 හිමි කර ගත් කණඩායම් සදහාද 2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.