හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියා.
තරගාවලිය දින තුනක් පුරා පැවැත්වුනේ හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගණයේදී.
1992 වසරේ ආරම්භ වූ තරගවලිය 2017 වසරේ තාවලිකාව නගර කිරීමෙන් පසුවයි මෙවර යළි පැවැත්වුණේ.
ලහිරු මධුසංඛ මෙහෙය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිදු රත්නායක සහ තනුක දාබරේ ඇතුළත්ව සිටියා.
ශ්‍රී ලංකාව අවසන් තරගයේදි ශූරතාව හිමිකරගත්තේ පකිස්ථානය කඩුළු 3 කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2007 වසරේදි ශ්‍රී ලංකාව මෙහි ශූරතාව හිමිකරගෙන තිබුණා.