යුරෝපා පාපන්දු කුසලානය හිමි කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.
ඒ අවසන් තරගයේදී එංගලන්තය ගෝල 2 – 1 ක් ලෙස පරාජය කරමින්.
ජර්මනියේ බර්ලින් හිදී අවසන් තරගය පැවැත්වුණා.
ස්පාඤ්ඤය යුරෝ කුසලාන පාපන්දු ශූරතාව හිමි කර ගත් සිව්වැනි අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ.
මේ වනවිට වැඩිම වාර ගණනක් යුරෝ කුසලානය ජය ගත් රට වන්නේද ස්පාඤ්ඤයයි.