යොවුන් අසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට අමායා පේදුරුහේවා සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද 12.47ට පැවති පළමු වටයේ තරගයෙන් දෙවන ස්ථානය දිනාගැනීමට අමයා සමත් වුණා.
ඒ සඳහා ඇයට ගත වූ කාලය විනාඩි 1යි තත්පර 03කි.
ඒ අනුව ඇය මෙම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබුවා.
ඊට අමතරව මෙම ඉසව්වේ පිරිමි තරගය සඳහා තරග වැදූ මෙතුක මල්හිරු පළමු වටයෙන් 6යවන ස්ථානයට තරගය නිමා කළා.