විම්බලන්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරාස් සහ ඉතාලියේ ජැනික් සිනර් සමත් වුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී.
පිරිමි කේවල අංශයේ පළමු අවසන් පූර්ව තරගය අමෙරිකාවේ ටෙයිලර් ෆ්‍රිට්ස් සහ ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරාස් අතර පැවැත්වුණා.
එහි පළමු වටය ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගත්තේ, ඇල්කරාස් විසින්. දෙවැනි වටය ලකුණු 7 ට 5 ක් ලෙස ෆ්‍රිට්ස් ජය ගත්තා. තුන් වැනි සහ සිව්වැනි වට ලකුණු 6 ට 3 ක් සහ 7 ට 6 ක් ලෙස ජය ගත් කාලෝස් ඇල්කරාස් තරගය ජය ගත්තේ, වට 3 ට 1 ක් ලෙසයි. තරගය ජය ගත් ඇල්කරාස් ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයේ පසු වනවා.
දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයට ඉතාලියේ ජැනික් සිනර් සහ සර්බියාවේ නොවැක් යොකැවිච් සුදුසුකම් ලබා තිබුණා.
එහි පළමු වටය ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගත්තේ, ජැනික් සිනර්. ඔහු දෙවැනි සහ තුන්වැනි වට 6 ට 3 ක් සහ 6 ට 4 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
ඒ අනුව, වට 3 ට බින්දුවක් ලෙස අවසන් පූර්ව තරගය පහසුවෙන් ජය ගත් ජැනික් සිනර් තරගාවලියේ, අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ජැනික් සිනර් ලොව ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අනුව, පළමු ස්ථානයේ පසු වනවා.
ඒ අනුව, විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගය ලොව ප්‍රබලතම ටෙනිස් ක්‍රීඩකයින් දෙදෙනා අතර පැවැත්වීමට නියමිතයි.