යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශානුක කොස්තා සමත් වුණා.
ඔහු මෙම ඉසව්ව තත්පර 47.72දී අවසන් කළ අතර ඒ ඔහු වාර්තා කළ හොඳම කාලය ලෙසද වාර්තා වුණා.
ශානුක කොස්තා මීගමුව ගෙට්වේ ජාත්‍යයන්තර පාසලේ ඉගෙනුම ලබනවා.
මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් ලෙසට පදක්කමක් 3ක් දිනාගෙන තිබෙනවා.
තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුනේ රැඳී සිටින්නේ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනා සිටින චීනයයි.