අඟහරුවාදා, ජූලි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!

By Pradeep Gurusinghe
Published: ජූලි 7, 2026
බෙදාගන්න

“තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට විනයගරුක ක්‍රීඩකයන් කරනවා” – ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාම සඳහා දොරගුළු විවර කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීම අද (07) දින බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 144,191,250.00 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම නිල සමාරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රටේ තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට, ඔවුන් රටට වැඩදායී විනයගරුක ක්‍රීඩකයන් බවට පත්කිරීමේ තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි” යනුවෙනි. සැමදා කොන්වන ග්‍රාමීය ක්‍රීඩකයාට නවීන පහසුකම් ලබාදීම රජයේ මූලික ඉලක්කයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ දිනිඳු සමන් හේන්නායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

පෙර ලිපිය රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
Next Article කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර සිව්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?