තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල බහරේනයේදී මේ දිනවල පැවැත්වෙන අතරතුර, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සහාපති සුරේෂ් සුභ්‍රමනියම් මහතා ඊයේ දින (24) ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්‍ය හුසේන් අල් මුසල්ලම් සහ නියෝජ්‍යය අධ්‍යක්ෂක ජනරාල් විනෝද් කුමාර් තිවාරි මහතා හමුවිය.
මේ හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුව විසින් සම්පාදනය කරන ලද, තරුණ ක්‍රීඩා තරු හා මේ වසරේ තරඟ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුගේ ජීවන විස්තර ඇතුලත් ඔහිඕඋ සඟරාව ප්‍රධානය කරන ලදී.