2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ අදියර 5 ක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.
එහි පෙරමුණේ පසුවන්නේ පෝලන්තයේ ටිමෙක් කුචාසික් ක්‍රීඩකයායි. මෙහි 5 වැනි අදියර පැවැත්වුණේ, ප්‍රංශයේදී. එය, තරග 3 කින් සමන්විත වුණා.
පළමු තරගයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත්වූ අතර, දෙවැනි තරගයේදී ඔහු තරගය නිමා කළේ දොළොස්වැන්නා ලෙසයි.
තුන්වැනි තරගයේදී ඔහුට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. මේ වන විට ධාවකයින්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානයේ පසු වන යෙවාන් ඩේවිඩ්ට ලකුණු 213 ක් හිමිව තිබෙනවා.
පෙරමුණේ පසුවන පෝලන්තයේ ටිමෙක් කුචාසික් හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 230 ක්. යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ මීළඟ තරගය ඔස්ට්‍රියාවේදී පැවැත්වීමට නියමිතයි.