චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ නවසීලන්තය සමත් ව තිබෙනවා.
නවසීලන්තය ඊයේ දින පැවැති තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු පහක ජයක් ලැබුවා .
තරගය පැවැත්වුණේ රාවල්පින්ඩි හිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 236 ක් රැස් කලා.
නජ්මුල් හොසේන් ලකුණු 77 යි. ජේකර් අලී ලකුණු 45 ක් රැස් කලා.
පන්දු යැවීමේදී මිචෙල් බ්‍රේස්වේල් කඩුලු 4 ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දු වාර 46.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් රැස් කරමින්.
රචීන් රවීන්ද්‍ර ලකුණු 112 යි. ටොම් ලේතම් ලකුණු 55 ක් රැස් කලා.