බංගලාදේශය සමඟ පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වනිදු හසරංගට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
තුන්වැනි එක්දින තරගයේදී වනිදු පාදයේ ආබාධයකට ලක් වීම ඊට හේතුවයි.
ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා නැවත කොළඹට පැමිණ ඇති අතර, ඔහු වෙනුවට 20-20 සංවිතයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ නොකරණ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ක්‍රීඩක ශ්‍රේණි ගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනූව, වනිදු හසරංග ස්ථාන 11 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 8 වැනි ස්ථානයට පැමිණ ඇති අතර තවමත් එහි පෙරමුණේ පසුවන්නේ මහීෂ් තීක්ෂණයි.
පිතිකරුවන්ගේ ශ්‍රේණි ගත කිරීම් ලේඛනයේ ස්ථාන 10 ක් ඉදිරියට පැමිණෙමින් කුසල් මෙන්ඩිස් 10 වැනි ස්ථානය පැමිණ තිබෙනවා.