සඳුදා, ඔක්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 12, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන් කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 83කින් ජයගත් පකිස්තානය තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සමත් වුණා.

මෙම තරගයේදීත් කාසියේ වාසිය දිනූ කුසල් මෙන්ඩිස් මෙවර පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් සිය ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 215ක් ලබාගැනීමට සමත් වුණා.

පළමු තරගයේදී මෙන්ම ඊයේ තරගයේදීත් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට පකිස්තාන් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමු කඩුල්ලා සබදතාවය ලකුණු 55ක්.

මාස් සදාකත් ලකුණු පන්දු 55ට 96ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 7ක් ඇතුලත් වුණා. නායක සහීබ් සාදා ෆර්හාන් ලකුණු 73ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට අවතීරණය වූයේ වෙනස්කම් 3ක් සමගයි. ඒ අනුව කණ්ඩායමට බිනුර ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ හා නවක ක්‍රීඩක සිනෙත් ජයවර්ධන ඇතුලත් කොට තිබුණා.

ඊයේ දින ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට සාර්ථකවීමට පාකිස්තාන් පිතිකරුවන් ඉඩහසර ලබාදුන්නේ නැහැ. පන්දු රැකීමේදී ද විශාල අඩුපාඩුකම් රැසක් පෙනෙන්නට තිබුණ අතර උඩපන්දු ද 3ක් පමණ හිලිහී ගියා.

කෙසේ වෙතත් එෂාන් මාලිංග, මහේශ් තීක්ෂණ හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී ලබාගැණීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් පමණයි.

පිතිකරණය අතින්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දුර්වල ක්‍රීඩා විලාශයක් අනුගමනය කළ අතර කිසිදු මුල් පෙල පිතිකරුවෙක්ට ලකුණු 30 සිමාවට ලගාවීමටවත් නොහැකි වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මහේෂ් තීක්ෂණ වන අතර ඔහු ලකුණු 32ක් ලබාගත්තා. ඊට අමතරව, චමිදු වික්‍රමසිංහ ලකුණු 29ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 23ක් හා සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් ලබාගත්තා.

පනුද් යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් ඉම්‍‍රාන් ලකුණු 11ට කඩුලු 3ක් දවාගත් අතර සල්මාන් මිර්සා කඩුලු 2ක් දවාගත්තා.

මේ තරගය ජයගැනිමත් සමග පාකිස්තානු කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදිම තරගාවලිය ජයගැනීමට සමත් වුණේ තරග 2-0ක් ලෙසයි.

TAGGED:Sri Lanka vs PakistanT20I
පෙර ලිපිය ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලියෙන් චනිත්මා හා රවිඳු ශූරතා දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට මහේෂ් ඩි අල්විස් මහතා පත්කෙරේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?