ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජනවාරි 18, 2026
©Getty Images
බෙදාගන්න

2026 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ජපාන 19න් පහළ කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ නැමිබියාවේ වින්ඩ්හොක් හීදී යි.

කාසියේ වාසිය දිනූ ජපාන 19න් පහළ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 387ක් ලබාගනිමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

විශිෂ්ට පිතිකරණයක යෙදුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන විරාන් චමුදිත හා දිමන්ත මහවිතාන පලමු කඩුල්ලට ලකුණු 328ක සබදතාවයක් ගොඩනැගුවා.

විරාන් චමුදිත ලකුණු 192ක් ලබාසිටියදී ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගිය අතර දිමන්ත ලකුණු 115ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා. මීට අමතරව නායක විමත් දින්සර නොදැවී වේගවත් ලකුණු 44ක් ලබාගත්තා.

පිලිතුරු වශයෙන් ජපාන 19න් පහළ කණ්ඩායමට ලබාගතහැකි වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් පමණයි. කෙසේ වෙතත් හුදකළා සටනක යෙදෙමින් හ්‍යුගෝ කෙලී නොදැවී ලකුණු 101ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙත්මික සෙනවිරත්න, ජීවන්ත ශ්‍රීරාම්, විරාන් චමුදිත, රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ් හා චාමික හීනටිගල එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරග‍යෙන් ලකුණු 203ක ජයක් හිමිවුණ අතර ඒ කාණ්ඩයේ පලමු ස්ථානයද ලබාගැනීමට හැකිවුණා.

එසේම ඊයේ පැවැති අනිත් තරගය ඉන්දීය 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම අතර බුලවායෝ හීදී පැවැත්වුණ අතර එම තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමිවුණා.

පලමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 238ක් ලබාගත් අතර වෛභව් සූර්‍යවංශි ලකුණු 72ක් හා අභිග්‍යන් කුන්ඩු ලකුණු 80ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් අල් ෆහාද් කඩුලු 5ක් දවාගත් අතර බංග්ලාදේශ පිලිතුරු ඉනිමේ සියලු කඩුලු පන්දුවාර 28.3දී ලකුණු 146කට දැවී ගියා.

ඒ අනුව වැස්සෙන් බාධා එල්ල වුණු මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.

පෙර ලිපිය එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
Next Article ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද හොංකොං සමග

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5-0ක් ලෙස ඉන්දියාවට පරදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?