හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සුමේධ රණසිංහ අද සමත් වුණා.
ඒ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී.
සුමේධ රණසිංහ මෙහිදි දැක්වූ දක්ශතාව මීටර 85.78ක්.
මීට පෙර හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ජාතික වාර්තාව රුමේෂ් තරංග විසින් පිහිටුවා තිබුණා.
ඒ මීටර 85.45 දක්ෂතාවක් දක්වමින්.
සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාව ඔහු මෙම වසරේ ටෝකියෝහිදී පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.
ඊට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා වන්නේද සුමේධ රණසිංහ.