අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව හිමි කර ගැනීමට කොළඹ එස් එස් සී කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදි ප්‍රතිවාදී මොරටුව කණ්ඩායම පරාජය කරමින්.
අවසන් තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදි.
පළමුවෙන් පන්දුවට පහරදුන් මොරටුව කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 කදි සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231 ක් රැස් කළා.
පූර්ණ ප්‍රභාත් ලකුණු 92 යි. පන්දු යැවීමේදි ප්‍රභාත් ජයසූරිය ලකුණු 15 කට කඩුලු 4 ක් බිඳහෙලුවා.
අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ කොළඹ එස් එස් සී කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 4 කදි කඩුලු 6 ක් දැවී ලකුණු 236 ක් රැස් කරමින් තරගයේ ජය තමන් සතු කර ගත්තා.
නිපුන් ධනංජය නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. අවසන් තරගයේ වීරයා නිපුන් ධනංජය.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මොරටුව ක්‍රීඩා සමාජයේ සහන් කෞෂල්‍ය සම්මාන දිනාගත් අතර, දක්ෂතම පිතිකරුවා වූයේ ලියෝ ක්‍රිකට් සමාජයේ හිරුණ සිගේරා.
තරගාවලියේ වීරයා සම්මානය එස් එස් සී කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුල විසින් දිනාගනු ලැබුවා.