ශ්රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලියේ තීරණාත්මක තරගයක් අද ශ්රී ලංකාව හා පාකිස්තානය රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගයට පාකිස්තානය මේ වන විටත් සුදුසුකම් ලබා ඇති අතර අද තරගයේ ප්රථිපලය අනුව ඔවුන්ගේ ප්රතිවාදියා තීරණය වනු ඇත.
මෙම තරගය ශ්රී ලංකා කණ්ඩායම ජයගතහොත් ශ්රී ලංකාව අවසන් මහා තරගයට් සුදුසුකම් ලබනු අතර පාකිස්තානය ජයගතහොත්, සිම්බාබ්වේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
ප්රසාද ලකුණු සටහනේ ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 2 බැගින් ලබාසිටින අතර දල ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
අද තරගයත් ආරම්භවන්නේ ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට වන අතර සුපුරුදු පරිදි ශ්රී ලංකාව තුළ සජීවි විකාශය Sporty lk YouTube නාලිකාව ඇසුරෙන් බලාපොරොත්තුවන්න.