මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර ලීග් තරගාවලියෙ හයවන අදියර ලබන වසරේ ජූලි මස 8වනදා සිට අගෝස්තු මස 8වනදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.
LPL හයවන අදියර මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අතර ලබන වසරේ පෙබරවාරී මස පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා පිටි සැකසීම සඳහා තරගාවලිය කල්දැමීමට සිදු විය.
ඒ අනුව කණ්ඩායම් 5ක් තරග වදින LPL 6වන අදියර අනෙකුත් වර්ෂ වල මෙන් ලබන වසර මැදදී පැවැත්වීමට නියමිතයි.