අයි එල් T20 ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවන තරගයේ ද තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත් වුණා.
තරගාවලියේදී පැතුම් නියෝජනය කරන්නේ ගල්ෆ් ජෑන්ස් කණ්ඩායමයි.
ගල්ෆ් ජෑන්ස් සහා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ ඩුබායි හිදී පැවැත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර විස්ස ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් රැස් කලා.
දසුන් ශානක නොදැවී ලකුණු 23යි.
පන්දු යැවීමේදී අස්මතුල්ලා උමර්සායි කඩුලු 3ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස ගල්ෆ් ජෑන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18.5 කදී කඩුලු 6 ල් දෑවී ලකුණු 161 ක් රැස් කරමින්.
පැතුම් නිස්සංක පන්දු 31 කදී ලකුණු 67 ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 5 ක් ඇතුලත්.
තරගයේ වීරයා පැතුම් නිස්සංක.