එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ පස්වන තරගයේ දෙවන දිනය නිමාවෙද්දී ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාසිටියා.
දෙවන දිනට තරගය ආරම්භ කරනවිට සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටී එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබාසිටියා.
එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු තරගයේ දෙවන දින දෙවන සැසිය අවසන් වන විට දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණ අතර එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 384ක් ලබාගත්තා.
දෙවන දිනයේ තුන්වන සැසියේදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ආරම්භ කළ අතර දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාසිටියා.
ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 91ක් ලබාසිටින අතර මානස් ලබුෂේන් ලකුණු 48ක් ලබාසිටියදී දැවී ගියා. ඕස්ට්‍රේලියානු ඉනිමේ අද දින දැවී ගිය කඩුලු දෙකම දවාගත්තේ බෙන් ස්ටෝක් විසිනි.
සිය 40 වන ටෙස්ට් ශතකය ලබාගත් ජෝ රූට් ලකුණු 166ක් ලබාගත්තා. හැරී බෲක් ලකුණු 84යි. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලීයාව වෙනුවෙන් මයිකල් නෙසර් කඩුලු 4ක් ලබාගත් අතර ස්කොට් බොලන්ඩ් හා මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 බැගින් දවාගත්තා.