2026 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ජපාන 19න් පහළ කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ නැමිබියාවේ වින්ඩ්හොක් හීදී යි.
කාසියේ වාසිය දිනූ ජපාන 19න් පහළ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 387ක් ලබාගනිමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
විශිෂ්ට පිතිකරණයක යෙදුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන විරාන් චමුදිත හා දිමන්ත මහවිතාන පලමු කඩුල්ලට ලකුණු 328ක සබදතාවයක් ගොඩනැගුවා.
විරාන් චමුදිත ලකුණු 192ක් ලබාසිටියදී ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගිය අතර දිමන්ත ලකුණු 115ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා. මීට අමතරව නායක විමත් දින්සර නොදැවී වේගවත් ලකුණු 44ක් ලබාගත්තා.
පිලිතුරු වශයෙන් ජපාන 19න් පහළ කණ්ඩායමට ලබාගතහැකි වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් පමණයි. කෙසේ වෙතත් හුදකළා සටනක යෙදෙමින් හ්යුගෝ කෙලී නොදැවී ලකුණු 101ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙත්මික සෙනවිරත්න, ජීවන්ත ශ්‍රීරාම්, විරාන් චමුදිත, රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ් හා චාමික හීනටිගල එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයෙන් ලකුණු 203ක ජයක් හිමිවුණ අතර ඒ කාණ්ඩයේ පලමු ස්ථානයද ලබාගැනීමට හැකිවුණා.
එසේම ඊයේ පැවැති අනිත් තරගය ඉන්දීය 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම අතර බුලවායෝ හීදී පැවැත්වුණ අතර එම තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමිවුණා.
පලමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 238ක් ලබාගත් අතර වෛභව් සූර්යවංශි ලකුණු 72ක් හා අභිග්යන් කුන්ඩු ලකුණු 80ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් අල් ෆහාද් කඩුලු 5ක් දවාගත් අතර බංග්ලාදේශ පිලිතුරු ඉනිමේ සියලු කඩුලු පන්දුවාර 28.3දී ලකුණු 146කට දැවී ගියා.
ඒ අනුව වැස්සෙන් බාධා එල්ල වුණු මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.