2026 20/20 ලෝක කුසලානයේ තුන්වන දිනය අදයි. අද දිනත් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
දිනයේ පළමු තරගය ඉතාලිය හා ස්කොට්ලන්තය අතර කල්කටා හීදී පැවැත්වීමට නියමිතයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉතාලිය ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා තරග වදින ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉතාලි කණ්ඩායමේ, කලක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජේ.ජේ.ස්මට් ක්‍රීඩා කරන අතර ඔහු ප්‍රවේගකාරී පිතිකරුවෙකි. එසේම ඉතාලි කණ්ඩායමට ක්‍රීඩා කරන බෙන් මැනෙටි පසුගියදා අවසන් වූ බිග්බෑෂ් තරගාවලියේ සිඩ්නි සික්සස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඉතාලි කණ්ඩායමට නායකත්වය දරන්නේ වයස අවුරුදු 42ක් වූ වේන් මැඩ්සන් විසිනි.
අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය ඕමානය හා සිම්බාබ්වේ අතර කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා නයක්තවය දරන අතර ඕමාන් කණ්ඩායම වෙනුවෙන් ජටින්දර් සිං නායකත්වය දරනවා.
සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බැනට් තරග ආකෘති තුනේම ශතක ලබාගෙන ඇති ළාබාලතම ක්‍රීඩකයා වන අතර ඕමාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වයස අවුරුදු 44ක් වන ආමීර් කලීම් යනු 20/20 ලෝක කුසලානයක් සඳහා ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩකයායි.
අද දිනයේ පැවැත්වෙන අවසන් තරගය දකුණු අප්‍රිකාව හා කැනඩාව අතර අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතයි. මේ තරගය කැනඩාව දකුණු අප්‍රිකාව සමග තරග වදින පළමු විස්සයි ව්ස්ස තරගය වන අතර මීට පෙර 2003දී කැනඩාව හා දකුණු අප්‍රිකාව එක්දින තරගයක් ක්‍රීඩා කොට ඇත.
දකුණු අප්‍රිකාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් වන අතර 2024 ජූලි මස සිට තරග කළ තරග 32න් 20ක් ම පරාජය වී ඇත.