රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්
ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ආර්සීබී කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායමට සියලු කඩුලු දැවී ලබාගැනීමට හැකිවුණෙ ලකුණු 146ක් පමණයි.
මිචෙල් මාෂ් ලකුණු 40ක්, ආයුෂ් බදෝනි ලකුණු 38ක් හා මුකුල් චෞදරි ලකුණු 39ක් ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තා.
පන්දු යැවීමේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් රසික් සලාම් කඩුලු 4ක් හා බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 49ක්, රජත් පතිදාර් ලකුණු 27ක් හා ජිතේෂ් ශර්මා ලකුණු 23ක් ලබාගත්තා.
ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ප්‍රින්ස් යාදව් කඩුලු 3ක් හා ආවේෂ් කාන් කඩුලු 2ක් දවාගත්තා.
ආර්සීබී කණ්ඩායම තවත් පන්දු 29ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගත්තා. එම ජයග්‍රහණයත් සමග ආර්සීබී ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණුනා.
මීළඟ තරගය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා පන්ජාබ් සුපර් කිංග්ස් කණ්ඩයම අතරයි.