කොළඹ ඩී.එස්.සේනානායක සහ මහානාම විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී.
රන් මහා සටන ලෙස හැඳින්වෙන තරගය මෙවර සංවිධාන කර තිබුණ්, 20 වැනි වරටයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 344 ක් රැස් කළා. මියුරු බණ්ඩාර ලකුණු 100 යි. පන්දු යැවීමේදී චාමික හීනටිගල කඩුලු 6 ක් බිඳහෙලුවා.
මහානාම විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 387 ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දුල්නිත් සිගේරා ලකුණු 186 යි. සිනෙත් වීරරත්න ලකුණු 91 යි. පිළිතුරු ලෙස ඩී.එස්.සේනානායක විද්‍යාලය දෙවැනි ඉනිමට ලකුණු 54 ක් ලබා සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ වීරයා දුල්නිත් සිගේරා.