සංචාරක පාකිස්තාන් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ලකුණු 78කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ සිලට් හීදී යි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 278ක් රැස් කළ අතර තරගයේ පළමු දිනයේදීම ලිටන් දාස් ලකුණු 126ක් ලබාගෙන සිය 6 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත් වුණා. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී කුරාම් ශෙෂාඩ් කඩුලු 4ක් හා මොහොමඩ් අබ්බාස් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
පාකිස්තාන් කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස්කිරීමට හැකි වුණේ ලකුණු 232ක් පමණයි. පාකිස්තාන් පළමු ඉනිමේ එකම අර්ධ ශතකය රැස් කළ බාබර් අසාම් ලකුණු 68ක් ලබාගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ නහීඩ් රානා හා ටයිජුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගත් අතර මෙහෙදි හසන් මිරාස් හා ටස්කින් අහ්මඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඒ අනුව බංග්ලාදේශය සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 46ක් ඉදිරියෙන් සිටිමිනුයි. බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවනි ඉනිමට ලකුණු 390ක් ලබාගෙන පාකිස්තාන කණ්ඩායමට ලකුණු 436ක අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.
සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 14වන ශතකය ලබාගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 137ක් ලබාගත් අතර ලිටන් දාස් ලකුණු 69ක් හා මහමුදුල් හසන් ජෝයි ලකුණු 52ක් ලබාගත්තා. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කුරාම් ශේෂාඩ් කඩුලු 4ක් සජීද් කාන් කඩුලු 3ක් හා හසන් අලී කඩුලු 2ක් දවාගත්තා.
ලකුණු 437ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්තාන් කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවුණේ ලකුණු 358ක් පමණයි. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 94ක් හා ශාන් මසූඩ් ලකුණු 71ක් හා සල්මන් අලී අගා ලකුණු 71ක් ලබාගත්තද ජයග්රහණය කරා යෑම සඳහා එය ප්රමාණවත් වූයේ නැහැ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම් කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා. නහීඩ් රානා කඩුලු 2යි.
ඒ අනුව තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවන ටෙස්ට් තරගය ද ජයගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා. තරගාවලියේ වීරයා මුෂ්ෆිකර් රහීම්.