ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් මේ වන විට එහි රැදී සිටින්නේ 187වැනි ස්ථානයේයි.
භූතානය සමග පැවති සුහද පාපන්දු තරගයෙන් ගෝල 4ට 1ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණියා.
මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම අනුව රැදී සිටියේ 191වැනි ස්තානයේයි.