ආසියානු සහය දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම දිවයිනට පැමිණියා. තරගාවලිය පැවැත්වුනේ චීනයේදී.
දෙවැනිවරට සංවිධානය කර තිබූ ආසියානු සහය දිවීමේ තරගාවලිය සදහා රටවල් 38 කින් කණ්ඩායම් එක්ව සිටියා.
මෙම තරගාවලිය නියෝජනය කළ මීටර 100, හතර සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයක්.
ඔවුන් මෙලෙස බිදහෙලනු ලැබුවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිහිටුවා තිබූ වාර්තාවයි.
තත්පර 38 යි දශම 6 යි 3 ක කාලයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කළා.
ශ්‍රී ලංකාව නියෝජනය කලේ චමෝද් යෝදසිංහ, මෙරොන් විජේසිංහ, චලිත් පියුමාල් සහ දෙනෙත් ඉදුවර යන ක්‍රීඩකයින්.
මීටර 400 හතර පිරිමි සහය ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්වුණා.
එම කණ්ඩායම නියෝජනය කලේ කාලිංග කුමාරගේ, කල්හාර ඉදූප, ඔමෙල් සචින්ත සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයින්.