ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉණිමට කඩුලු 05 ක් දැවී ලකුණු 271 ක් ලබාසිටියා. ඒ අනුව ඔවුන් පළමු ඉණිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුනු 37 ක් පසුපසින් සිටිනවා.
තරගය පැවැත්වෙන්නේ ඇන්ට්ගුවා හිදී. පළමු ඉණිමට ශ්‍රි ලංකාව සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 308 ක් රැස්කලා. පිළිතුරු ලෙස කොදෙව් පළමු ඉණිම ආරම්භ කලේ ජෝන් කැම්බල් සහ බ්‍රෙන්ඩන් කිංග්.
ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 58 වන විට කිංග් ලකුණු 31 කට දැවීගිය අතර ජෝන් කැම්බල් ලකුණු 39 යි. ඊයේ දිනය නිමාවන විට අමීර් ජැන්ගෝ නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 78 ක්. නායක රොස්ටන් චේස් නොදැවී ලකුණු 42 ක් ලබාසිටියා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නයක කඩුලු 2 බැගින් දවාගත්තා.